වරක් ශ්‍රාවකයෙක් බුදුන්ගෙන් මෙසේ ඇසුවා.
"කුමක් ද, පුද්ගලයෙකු ශුද්ධවන්ත කරවන්නේ?"
බුදුන් පිළිවදන් දෙනවා.
"හැම පැයක් ම තත්පරවලට බෙදා තිබෙනවා. හැම තත්පරයක් ම එයිනුත් කුඩා අනුවලට බෙදා තිබෙනවා. තත්පරයක් බෙදා ඇති මේ කුඩා කාල අනු වර්තමානය කොටගෙන, ඒ එකින් එක තුළ පූර්ණ වශයෙන් ම පවතින්නට හැකි තැනැත්තා ශුද්ධ වූවා වේ."
තමා මත ඇති අනාගතයේ ග්‍රහණයෙන් මිදිය හැකි තැනැත්තා:
අහසේ පියාඹන කුරුල්ලෙකු බඳු ය.
කෙතේ හිනැහෙන ලිලී මලක් බඳු ය.
හෙට ගැන වදවීමක්, භීතියක් නොමැත්තේ ය.
හේ, මුළුමනින් ම වර්තමානයේ පවතිනු ඇත.
එය ශුද්ධත්වය යි.